• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා ජාතික මධ්‍යස්ථානයක්

26 March 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් චීන රජයේ සහයෝගය ඇතිව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා වන ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගනිමින් තිබේ.

ඒ සඳහා ආතර් සී. ක්ලාක් ආයතනය සහ චීනයේ දුරස්ථ සංවේදක සහ සංඛ්‍යාංක පෘථිවි ආයතනය අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. එම අවබෝධතා ගිවිසුමට අනුව සිදුවන චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ ඉදිකිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දැනුවත්කිරීමේ සාකච්ඡාවක් සඳහා චීන රජයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා හමු වී ඇති අතර එහිදී මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර පිළිබඳ සාකච්ඡා විය.

මෙම ජාතික මධ්‍යස්ථානය මගින් දිවයින තුළ ඇති ස්වාභාවික පරිසර පද්ධති හා පුරාවිද්‍යාත්මක සාධක ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගරික පද්ධති පිළිබඳ වැදගත් වූ භූගෝලීය තොරතුරු පහසුවෙන් අනාවරණය කර ගත හැකිය.

අභ්‍යවකාශ තාක්ෂණ යෙදවුම් කෘෂිකර්මය, පුරාවිද්‍යාව, කාලගුණ විද්‍යාව, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය, ස්වාභාවික සම්පත් කළමනාකරණය, පරිසර කළමනාකරණය, සාගර නිරීක්ෂණය, නාගරික සංවර්ධනය, ආපදා කළමනාකරණය හා ප්‍රවාහනය ඇතුළු බොහෝ විශේෂයන් හි පැතිරෙමින් පවතී. එබැවින් මෙම චන්ද්‍රිකා මධ්‍යස්ථානය ඉදිකිරීම හරහා ලබාගත හැකි පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රකා දත්ත හා ඡායාරූප තුළින් හෙළිවන විවිධ අංශ වල තොරතුරු ඉදිරි ජාතික සංවර්ධන කාර්යයන් සඳහා ඉතා වැදගත් දායකත්වයක් සපයනු ඇත.

චීන රජය විසින් මෙම චන්ද්‍රිකා ඇන්ටනාව නිෂ්පාදනය කරනු පිණිස අරමුදල් ප්‍රදානය කරන අතර, දැනට එය ක්‍රියාත්මක වෙමින් පවතී. වසර දෙකක කාලයකින් එහි කටයුතු අවසන් කිරීමට නියමිතය. ඒ අතරතුර කාලයේදි මේ සඳහා සුදුසු භූමියක් සපයාගැනීම සහ මධ්‍යස්ථානය සඳහා යටිතල පහසුකම් සපයාදීම ආතර් සී. ක්ලාක් ආයතනය විසින් සිදු කරනු ලැබේ. වත්මන් රජය ක්‍රියාත්මක කරන තාක්ෂණ නගර ව්‍යාපෘතිය යටතේ දැනටමත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ බිම් කොටසක් මෙම කාර්යය වෙනුවෙන් මායිම් නියමකර තිබේ. මේ වර්ෂයේ ජුනි මාසය වන විට මෙම ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු ද අවසන් කිරීමට නියමිතය.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අවශ්‍ය වන ව්‍යුහ සහ ආධාරක යටිතල පහසුකම් පිළිබඳ තාක්ෂණික දැනුම ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙත ලබා දීමට චීන විද්‍යා ඇකඩමිය කටයුතු කරනු ලැබේ.

මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමක් සහ පුහුණුවක් ලබා දෙනු පිණිස ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාලයක් හෝ කාර්මික විද්‍යාලයක් චීන විද්‍යා ඇකඩමියේ සහයෝගය ඇතිව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් නියෝජිත පිරිසෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරනු ලැබූ අතර, චීන පාර්ශ්වයෙන් මේ සඳහා සාධනීය ප්‍රතිචාරයක් ලබා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට චීන නියෝජිත පිරිස ලෙස මහාචාර්ය ලියු ජින්බෝ, ලියු නින්, ෂොයු ෂියැංග්, වෑන්ග් ජෝජියැග්, හුවැන්ග් පෙන්ග්, ලි ෆැන්ග් යන මහත්වරුන් ද, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, අධ්‍යක්ෂ හිමාලි අතාවුදගේ, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය උපුල් සොන්නාදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 1
Previous Post

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ජංගම සේවාවේදී 1327 ක් ණය ලබාගැනීමට සුදුසුයි

Next Post

මට හම්බු‍ණේම දණ ගහලා වැටිලා හිටපු ඒවා… ! ඇමැති රවි කියයි

editor

editor

Next Post

මට හම්බු‍ණේම දණ ගහලා වැටිලා හිටපු ඒවා... ! ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved