• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පෙරේරා ඇන්ඩ් සන්ස් අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දක්වයි

29 May 2024
in ක්‍රීඩා, පුවත්
පෙරේරා ඇන්ඩ් සන්ස් අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්ෂණික අවන්හල් ජාලයක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් (Perera & Sons Bakers – P&S) අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දැක්වී ය.

ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් වසර කිහිපයක් නොපැවැත්වුණු මෙම තරගාවලිය පසුගිය වසරේදී නැවත ආරම්භ වූ අවස්ථාවේදී P&S එයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. අතීතයේ පටන්ම පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් සමාගම ටෙනිස්, බැඩ්මින්ටන් සහ ටේබල් ටෙනිස් ඇතුළු ක්‍රීඩාවන් රැසකට පාසල් මට්ටම්වලදී පවා අනුග්‍රහය ලබා දී තිබේ.

2 වැනි කාණ්ඩයේ (Category 2) ටෙනිස් තරගාවලියක් වන Hill Club Annual Open Ranking ටෙනිස් තරගාවලිය ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරගාවලි අතරින් එකකි. මෙවර තරගාවලියේ දී තරග ඉසව් 17 කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වුණු අතර ඒ සඳහා තරගකරුවෝ 700 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙය එම තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ඉහළම සහභාගීත්වය වූ අතර, එය එම තරගාවලියේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බවට මනා සාක්ෂියකි. මෙම ඉහළ සහභාගීත්වය නිසාම මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වට සහ පළමු වටයේ තරග කොළඹදී පවත්වන ලද අතර, සෙසු තරග අප්‍රේල් මාසයේදී නුවර එළිය Hill Club ටෙනිස් පිටියේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා පැවසූයේ; “මෙම අනුග්‍රාහකත්වය මගින් අර්ථවත් වන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාශීලීත්වය සහ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම ඔස්සේ ප්‍රජාවන්ට අත්වැලක් වීමට අප දක්වන උනන්දුව සහ කැපවීමයි. ප්‍රජාවන් එකමුතු කිරීමට, ඔවුන්ට ආදර්ශ සැපයීමට මෙන්ම වටිනා ජීවන පාඩම් කියා දීමට ක්‍රීඩාවට හැකි බව අප විශ්වාස කරනවා. Hill Club Annual Open Ranking Tennis Event වැනි තරගාවලි සමග අත්වැල් බැඳගැනීම තුළින් අප බලාපොරොත්තු වන්නේ, ක්‍රීඩා පිටිය තුළ සහ ඉන් පිටත නොමැකෙන නාමයක් සනිටුහන් කිරීම සඳහා අනාගත පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමටයි. තරගාවලියේ ජයග්‍රාහකයන්ට සුබපැතීමට මෙන්ම, සාමාන්‍යධිකාරී මයිකල් ආම්ස්ට්‍රෝං මහතාගේ නයකත්වය යටතේ මෙය සාර්ථක කරගැනීම සඳහා කැපවුණු Hill Club කාර්ය මණ්ඩලයේ ප්‍රයත්නයන් අගය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම තරගාවලිය මෙතරම් සාර්ථක කරගැනීමට හැකි වුණේ ඔවුන්ගේ සහයෝගය නිසයි.” යනුවෙනි.

මෙරට ප්‍රධාන පෙළේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලියට සහභාගී වූහ. තරගාවලියේ ත්‍රිත්ව කිරුළ දිනාගන්නා ලද්දේ අප්න පෙරේරා විසිනි. පිරිමි විවෘත කේවල තරග ඉසව්වේදී වට 2-0 ක් ලෙස චාතුර්ය නිලවීර පරාජය කළ ඔහු, පිරිමි විවෘත යුගළ ඉස්සවේදී සයිඩ් සිහාර් සමග එක් වී අශේන් සිල්වා සහ ශ්‍රීනාත් උදයචන්ද්‍ර පරාජය කළේ ය. ඊට අමතරව ඔහු ඉනුකි ජයවීර සමග එක් වී මිශ්‍ර යුගළ ඉසව්වේදී වට 2-1 ක් ලෙස දිල්වාන් හේරත් සහ හසලි ගජබා පරාජය කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ වර්තමාන කාන්තා ජාතික ශූරිය වන දිනාරා ද සිල්වා කාන්තා විවෘත කේවල ඉසව්වේදී වට 2-0 ක් ලෙස සාජිදා රාසික් පරාජය කිරීමට සමත් වූවා ය.

“සුපුරුදු පරිදිම මෙම ජනප්‍රිය ටෙනිස් තරගාවලියට සත්කාරක දායකත්වය ලබාදීමට හැකි වීම අපට ගෞරවයක්. P&S සහ අනෙකුත් අනුග්‍රාහකයන් විසින් විසින් ලබාදෙන ලද විශිෂ්ට සහයෝගය නිසා ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් සාර්ථක ලෙස මෙම තරගාවලිය අවසන් කිරීමට අපට හැකි වුණා. මෙවර තරගාවලියේදී වාර්තාගත සහභාගීත්වයක් දැකගැනීමට හැකි වීමත් සතුටට කරුණක්. මේ යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ බලාපොරොත්තුවයි.” නුවර එළිය Hill Club සාමාන්‍යාධිකාරී මයිකල් ආම්ස්ට්‍රෝං මහතා පැවසී ය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 අප්‍රේල් 12 දින සිදුකෙරිණි. එම අවස්ථාවට Hill Club හිටපු සභාපති සහ ජ්‍යෙෂ්ඨ සාමාජික සී. පී. ආර්. පෙරේරා, Hill Club කමිටුවේ සහ C. W. Mackie සමාගමේ සභාපති හේමක අමරසූරිය සහ Hill Club කමිටුවේ උප සභාපති දුමින්ද හුලංගමුව යන මහත්වරු සහභාගී වූහ. ඊට අමතරව තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් වූ හැටන් නැෂනල් බැංකුව, C W Mackie, SLT Mobitel, Nestle සහ Classic Travels යන සමාගම් හා ආයතනවල නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්වූහ.

1902 වසරේදී ආරම්භ වූ පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් සමාගම, ප්‍රණීත ආහාරපාන මෙන්ම නොසැලෙන සමාජ මෙහෙවර තුළින්, රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවුණු සාඩම්බර දේශීය සන්නාමයක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගැනීමට සමත් වී සිටී. ඉදිරියටත් සමාජයීය හා පාරිසරික වැඩසටහන් වෙනුවෙන් දායක වෙමින්, ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවමින් සමාජයට යහපතක් සිදුකිරීම එම සමාගමේ අරමුණ වී තිබේ.

 

 

 

PR

Post Views: 18,757
Previous Post

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

Next Post

පුවත ඵල දරමින් මරුවා අත වනන ළදරු පාසල ප්‍රථිසංස්කරණයට පියවර

editor ttvnews

editor ttvnews

Next Post
පුවත ඵල දරමින් මරුවා අත වනන ළදරු පාසල ප්‍රථිසංස්කරණයට පියවර

පුවත ඵල දරමින් මරුවා අත වනන ළදරු පාසල ප්‍රථිසංස්කරණයට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved