රජයේ පිළිවෙත්වලට අභියෝග වන ආකාරයේ විශ්වවිද්‍යාල දේශන නතර කරන ලෙසට, තමා අග්‍රාමාත්‍යවරිය ලෙසත් විෂයභාර ඇමතිවරිය ලෙසත් කිසි විටෙක උපදෙස් ලබා දී නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
අදාළ කරුණ පිළිබඳ යම් වාර්තා පළවී තිබූ අතර එම වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
එවැනි සංවාද රටක තිබිය යුතු බව ද අධ්‍යයන නිදහස තහවුරු කිරීම තම ආණ්ඩුවේ වගකීම බව ද ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව මෙවැනි සංවාද පැවැත්වීම සිදුවිය යුතු අතර ඒවාට බාධා කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බව ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
මේ පිළිබඳව මෙරට සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සමග තමා සාකච්ඡා කළ අතර මෙම කාරණයට හේතු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාව ද තමා හමු වූ අතර එවැනි දේශන හෝ වැඩසටහන් සිදුකිරීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැති බව තමා එම උප කුලපතිවරුන්ට දැනුම් දුන්නේ යැයි අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.