8 September 2024
#දේශීය #පුවත්

පොලිස්පති නෑ – ඒ නිසා මේ සතියේ සහන නෑ

පොලිස්පති මහජන සහන දින වැඩසටහන මෙම සිකුරාදා නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන මෙම වැඩසටහන නොවැළැක්විය හැකි හේතූන් මත හෙට (ජූලි 26) නොපැවැත්වෙන බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නවතා දැමුණු ‘පොලිස්පති මහජන සහන දින’ වැඩසටහන 2023 දෙසැම්බර් මස යළි ආරම්භ කෙරිණි.

එය රජයේ නිවාඩු දිනවල හැර සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

නොවිසඳුණු පැමිණිලිවලට විසඳුම් සෙවීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් හමුවීමට මෙම වැඩසටහන මඟින් මහජනතාවට අවස්ථාව සළසා දී තිබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *