ජාඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී රංග කොඩිතුවක්කු මහතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ. කඳාන පල්ලියපාර ප්‍රදේශයේ අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ගිය ප්‍රාදේශීය සභා නිලධාරීන්ට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.














