• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවට වටින්නේ දිනන්නද ..? නැතිනම් ලකුණ ද? – දුමින්ද අසයි

30 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද පොහෝට්ටුවට ජයග්‍රහණයද වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කැකිරාව ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය අමතමින්ය.කැකිරාව ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බළ මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කැකිරාවේදී පැවැත්විණි.

ඒහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා, ” දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් වට්ටන්න පුළුවන්ද? ඔබතුමන්ලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා ,එදා බණ්ඩාරනායක මැතිතුමා ඝාතනයට ලක් වුණාට පස්සේ සිරිමාවෝ මැතිණිය මේ පක්ෂය භාර ගත්තා.පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මැතිතුමන්ගේ, පක්ෂය පෝෂණය කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දුවයි- පුතයි දෙන්නත් මේ පක්ෂය දාලා ගියා.මේ පක්ෂයෙන් අයින් වෙලා අලුත් පක්ෂ හැදුවා, වෙනත් පක්ෂ වලට ගියා.හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න, නැති කරන්න පුළුවන්කම තිබුණාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න ඒ කාටවත් බැරි වුණා, අවසානයේ ඒ අයටත් සිද්ධ වුණේ ආයේ පාරක් මහ ගෙදර එන්නයි.ගිය ගමන පැත්තකින් තියලා, ගිය ගමන තේරුම් අරගෙන නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහ ගෙදර තමයි ඒ සියලු දෙනාම නැවතුනේ.අදත් අපට ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා.

අදත් මේ හැමෝම කථා කරන පක්ෂයක්නේ පොහොට්ටුව, දැන් පොහොට්ටුවේ ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය, ඇයි අද ඒ ගොල්ල පොහොට්ටුවේ ඉන්නේ, මහින්ද රාජපක්ෂ කියන නමත් එක්ක එතුමාට තියෙන ආකර්ශණයත් එක්ක ඉන්නවා ඇරෙන්න වෙන මොකටද එතන ඉන්නේ.ඒ නිසා පොහොට්ටුවේ අයගේ අවසානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි සිද්ධ වෙන්නේ.ඒක වැඩි ඈතක් යන්නේ නෑ.මම විශ්වාස කරනවා ඉදිරි අවුරුද්දක් වගේ කාලය තුළ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා අලුත් ගමන් ගියපු බොහෝ දෙනා නැවත වතාවක් මේ මහ ගෙදර ශක්තිමත් කරනවා කියන එක අපිට විශ්වාසයි.එතන හරයක්, මතයක්, මතවාදයක් කිසි දෙයක් නෑ, ඒ නිසා ඔබතුමන්ලා දැක්කා පහුගිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සමහර වෙලාවට කොට්ඨාශයේ ඉල්ලන්නේ මොකාද කියලවත් දන්නේ නෑ.මේකට පැවැත්මක් නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාරුකම්, ප්‍රශ්න තියෙනවා හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේ නැවත වතාවක් මේ රටේ ශක්තිමත්ම පක්ෂය බවට පත් වෙනවා.ඒක වලක්වන්න කාටවත් බෑ.

අපි – පොහොට්ටුවට එකතුවෙන එක ගැන දැන් කථා කරනවා.අපි මීට දවස් දෙකකට කලින් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා, අපි එතනදී පැහැදිලි තීන්දුවක් ගත්තා අපිට පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න වුවමනාවක් නෑ, පොහොට්ටුවත් එක්ක අපිට එකතු වෙන්න වුවමනාවක් නෑ කියලා කියන්නේ මේ අපේ අනාගතය වෙනුවෙන් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය වෙනුවෙන්.අපි පොහොට්ටුවට ගිහින් සම්බන්ධ වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය පිළිබඳව අපිට ලොකු අවධානමක් තියෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිල ගැනීම, යට කිරීම තමයි පොහොට්ටුවේ අරමුණ වෙලා තියෙන්නේ.රෑට රූපවාහිනිය බැලුවම පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ජාවේ පිටි පස්සේ තියෙන්නේ පොහොට්ටු ලකුණ, උඩින්ම මහින්ද මහත්තයා, දෙවනියට ඉන්නවා ගෝඨා, තුන්වැනියට ඉන්නවා බැසිල්, මේ පොහොට්ටුව රාජපක්ෂවරුන්ගේ කියන එකනේ මේ ඒ අය කියන්නේ.එහෙම නම් අපිට පුළුවන්කමක් තියෙනවාද මේ දැවැන්ත ඉතිහාසයක් තියෙන, විශාල කැපකිරීම් කරලා තියෙන, මේ රට වෙනුවෙන් බොහෝ තීන්දු තීරණ අරගෙන රට හරිමාවතට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ ගැටගහලා, පොහොට්ටුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න අපිට පුළුවන්කමක් නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග තියෙනවා වෙන්න පුළුවන්.ඒ අභියෝග අපි විනාශයට පාර කපා ගැනීමක් වෙන්න බෑ.අපි ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන මිසක් උත්තරයක් නෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න දෙන්න පුළුවන්කමක් නෑ.

ඒ නිසා පැවති සාකච්ජාවේදී අපි අපේ මන්ත්‍රී කණ්ඩායම කිව්වා, ගරු ජනාධිපතිතුමන්ට ඔබතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව, ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව. බැසිල් රාජපක්ෂ මහත්තයාව.පොහොට්ටුව කියන්නේ ඒ තුන් දෙනානේ.ඒ තුන් දෙනා ගෙනල්ලා සාකච්ජාවක් තියලා කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පොහොට්ටුවට එකතු වෙනාවාට විරුද්ධයි.හැබැයි අපි නැතිව දිනන්නත් බෑ කියලා දන්නවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා කල්පනා කරලා බලන්න ඕන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයද ? තමන්ගේ පක්ෂයෙ ලකුණද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අති දැවැන්ත පක්ෂය එදා ජනතා විමුක්ති පෙරමුණ අපිත් එක්ක එකතු වෙන කොට අපි වෙන ලකුණක් ගත්තා.අපි කිව්වේ නෑ නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්න කියලා.එහෙම තමයි බුලත්කොළය , පුටුව කියන ලකුණු හැදුනේ.එහෙම නම් අද පොහෝට්ටුවට ජයග්‍රහණයද වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙනවා.ඒ අය ලකුණ වෙනස් කරන්න බෑ කියන එක හේතුවකුත් තියෙනවානේ.මට මතකයි කෙහෙළිය රඹුකවැල්ල මහත්තයා මාධ්‍ය සාකච්ජාවකදී කියනවා අපි පොහොට්ටුව අයින් කරන්න කියලා කියන්නේ පොහොට්ටුව විනාශ කරන්නද කියලා.ඒ ප්‍රශ්නයම අපිටත් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට.අපි පක්ෂයක් ලෙස ඒ අයට ගිහින් එකතු වුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා.ඒ වෙනුවෙන් තමයි අපි ලකුණ මාරු කරන්න කියන්නේ.එහෙම නැතිව ඒ අපේක්ෂකයා පරද්දන්නවත් එහෙම දේකට නෙමෙයි.බැරි වෙලා හරි අපි එකතු නොවුනොත් ඒ ගොල්ලන්ගේ අපේක්ෂකයා පරදිනවා.බැනුම අපිටද? ඇයි අපි බැනුම් අහන්නේ.අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කිව්වා.අපි සහයෝගය දෙන්නම්, අපි එකතු වෙන්නම්, හැබැයි අපිට මේ එකතු වෙන්න බැරි බාධාවක් වෙලා තියෙන මේ පොහොට්ටුව අයින් කරන්න කියලා විතරයි අපි කියන්නේ.ජනාධිපති අපේක්ෂකයත් ඒ ගොල්ලන්ගේ, හදන සන්ධානයත් ඒ ගොල්ලන්ගේ, ඒ සියල්ලම ඒ ගොල්ලන්ගේ නම් අපි මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට වමේ අදහස්ම තියෙන අපිත් එක්කම හිටපු, සමහර වෙලාට අපි අකමැති වුණත් රට වෙනුවෙන් තීන්දුවක් ගන්න අපි කැමැත්තෙන් හිටියා.හැබැයි ඒ වෙනස්කම් ටික ඒ ගොල්ලන්ට කරන්න බැරි නම් පැරදුනොත් බැනුම අපි අහන්න ඕනද? ඒ අය දැනගන්න ඕන ජයග්‍රහණය වෙනුවෙන් ගන්න ඕන උපක්‍රම, උපායශීලී, වැඩපිළිවෙල පාවිච්චි කරන්න ඒ අය දැන ගන්න ඕන.අපි මන්ත්‍රී කණ්ඩායමේ අදහස කිව්වා, ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු අනෙක් රාජපක්ෂ මහත්තුරු දෙන්නා හම්බෙලා සාකච්ජා කරලා තියෙනවා අපිට දැනගන්න තියෙන විදිහට පොහොට්ටුව ඇරෙන්න ඕන දෙයක් වෙනස් කරන්නම් කියලා කිව්වලු.පොහොට්ටුව ඇරෙන්න වෙනස් කරන්න දෙයක් නෑනේ, අපේක්ෂකයා වෙනස් කරන්නද? මොනවාද වෙනස් කරන්න තියෙන්නේ.ඒකෙන් පේනවා ඒ ගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන්නේ ඒ අයගේ අරමුණ කරා යන්න මිසක්, හවුල් කර ගෙන සහයෝගය ලබා ගෙන ජයග්‍රහණය ගන්න නෙමෙයි.

මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෝඨාභය රාජපක්ෂ පරද්දන්න ඕන වුණාට, අපි එතන හිටගත්තොත් දිනන්න වැඩ කරනවා මිසක්, පරද්දන්න අපි එකතු වෙලා වැඩක් නෑ,අපි එකතු වෙනවා නම් දිනන්නයි අපි එකතු වෙන්න ඕන.මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සමහර විට පරද්දන්න ඕනකමකුත් ඇති නාමල්ගේ අනාගතය වෙනුවෙන්.මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඉඳන් වැඩ කලේ නාමල්ව බලයට ගේන, නාමල්ව මේ රටේ ජනාධිපති කරන ගමන වෙනුවෙන් තමයි හැසිරිලා, තීන්දු අරන්, වැඩ කරලා තියෙන්නේ.මේ සේරම කරලා තියෙන්නෙ ඒ අනුව.අපි හෙට(29) මධ්‍යමකාරක සභාවේදී තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගත යුතු ක්‍රියා මාර්ගය මොකක්ද කියන කාරණය පිළිබඳව.

ඒ වගේම අපේ අයත් ඉන්නවා එකතු වෙන්න වගේ යන කොට ඉස්සරලා ගිහින් ඇප දාගන්න යනවානේ, ඔන්න වැඩේ හරි සර් අපිත් ආවා පක්ෂයත් එනවා කියලා.එවැනි ඇප දාගන්නා අය සම්බන්ධයෙන්, ඔවුන්ගේ කාරණා සම්බන්ධයෙන් අපි බලන්නේ නෑ යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 7
Previous Post

හිටපු හමුදාපති ජනපති අපේක්ෂයෙක් වෙයි

Next Post

ධනේෂ්වරය නොබියව සුරකින අපූරු මාක්ස්-ලෙනින්වාදියෝ…

editor

editor

Next Post

ධනේෂ්වරය නොබියව සුරකින අපූරු මාක්ස්-ලෙනින්වාදියෝ…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved