8 September 2024
#දේශීය #පුවත්

පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් රනිල්ට විරුද්ධයි ධම්මිකට කැමතියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා පොදුජන තරුණ පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබානො​දීමට තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

එම මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත්තේ පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමෙන් පොදුජන පෙරමුණේ ස්ථාවර ඡන්ද පදනම බිදී යා හැකි බවයි. මේ පිළිබදව සාකච්ඡාවක් ඊයේ (22දා) දිනයේ ද නෙළුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලයේ දී පවත්වා ඇත.

එම පිරිසෙහි ඉල්ලීම වී ඇත්තේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවයි. ඒ සදහා ව්‍යවසායක , පා.ම ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා කර ඇත.

පොදුජන පෙරමුණේ ඇතැම් අමාත්‍යවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම පිළිදව පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් කලකිරීමට පත්ව ඇතැයි යන නිරීක්ෂණය මත පදනම්ව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව ද වාර්තා විය.

පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් රනිල්ට විරුද්ධයි ධම්මිකට කැමතියි

අද කාලගුණය

Leave a comment

Your email address will not be published. Required fields are marked *