• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුව ඊයේ සම්මත කරගත්ත යෝජනාව රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය නැත

30 July 2024
in දේශීය, පුවත්
පොහොට්ටුව ඊයේ සම්මත කරගත්ත යෝජනාව රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය නැත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබානොදීමට ඊයේ තීරණය කළේය.

ඒ ජනාධිපතිවරයා සමග දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.

වාර්තා සඳහන් කරන්නේ මීළඟ මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය යුතු කෝටාව පිළිබඳව දෙපාර්ශවයට එකඟතාවකට ඒමට නොහැකිවීම මෙම සාකච්ඡා අසාර්ථක වීමට හේතුවූ බවයි.

තවත් පාර්ශවයක් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණය කල්දමා ගැනීමට මෙය දෙපාර්ශවය විසින්ම එක්ව රංග දක්වන රංගනයක් කොටසක් බවයි.

කෙසේවෙතත් ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පහත සඳහන් යෝජනාව සම්මත කරගත්තේය.

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවනු ලැබුවේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ප්‍රාර්ථනාවන් මුල් කොටගෙනය.
අප මව්බිමේ ඒකීයභාවය සුරක්ෂා කිරීම, ජාතික සම්පත්වල රාජ්‍ය හිමිකාරිත්වය අත්තනෝමතික ලෙස අනතුරෙහි හෙළීමට එරෙහිවීම, දේශීයත්වය සහ ශ්‍රී ලාංකේය සංස්කෘතිය මත පදනම් වූ දියුණූ රාජ්‍යයක් ගොඩනැගීම සහ එම ක්‍රියාවලියේ දී අප මව්බිමේ ජීවත්වන අඩුආදයම්ලාභී ජනතාව ආරක්ෂා කරමින් ඔවුන්ගේ ජීවන තත්වය නගාසිටුවමින් ඔවුන් සමඟ එක්ව අනාගත සංවර්ධනය කරා යෑම යන මූලික අරමුණු මුල්කර ගනිමින් බිහිකරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික අගයන් සහ හර පද්ධතීන් අප කෙරෙහි විශ්වාසය තබා අප සමඟ එක්වූ ප්‍රගතිශීලි ජනතාව වෙනුවෙන් තවදුරටත් සුරක්ෂිත කිරීම අප පක්ෂයේ ප්‍රධානතම වගකීම බව අපි සළකමු.

ඉතිහාසයේ මෙම දේශානුරාගී ප්‍රගතිශිලි ප්‍රතිපත්ති වෙනුවෙන් එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් ගත් නිර්භය පියවර මෙන්ම මෙරට ප්‍රගතිශීලි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙමින් 2016 වසරේ දී අප පක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගත් නිර්භය පියවර මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

අප පක්ෂය සමඟ අත්වැල් බැඳගත් අප මව්බිමට හඳවතින්ම ආදරය කරන ශ්‍රී ලාංකේය ජනතාවගේ සිතුම් පැතුම් බිඳහෙළා දැමීමට හෝ එකී සිතුම් පැතුම්වලට එරෙහිව යන කිසිදු පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප පක්ෂය සමඟ එක්වූ අප පක්ෂයට ශක්තියක් දුන් මාතෘ භූමියට ආදරය කරන ජනතාව අප හට අනුමැතියක් දී නොමැති අතරම එවන් ක්‍රියාවන් නිසැක වශයෙන්ම එම දේශප්‍රේමී ජනතාවගේ සිතුම් පැතුම්වලට එරෙහිවීමක් මෙන්ම ඔවුන් පාවාදීමක් ද වනු ඇත.

තවද අප පක්ෂය පිහිට වූ දින පටන් පක්ෂය වෙනුවෙන් අතිවිශාල කැපකිරීමක් කරන ලද පළාත් පාලන හා පළාත් සභා නියෝජිතයින් මෙන්ම බිම්මට්ටමේ පාක්ෂිකයන්ගේ දේශපාලන අනන්‍යතාවයන් සහ ගෞරවය සුරක්ෂිත කිරීමේ අත්හළ නොහැකි වගකීමක් අප පක්ෂයට ඇති අතර එම වගකීම ඉටුකළ හැක්කේ ද පක්ෂයේ හර පද්ධතීන් තුළින් හා යාන්ත්‍රණය තුළින්ම පමණක් වන බව අපි විශ්වාස කරමු.

මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ඇති ඉහළම දේශපාලන ස්ථරය වන පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් පහත ආකාරයට යෝජනා සම්මත කරගැනීමට මෙම යෝජනාව ඉදිරිපත් කරමු.

එනම්,
අප පක්ෂයේ මූලික හර පද්ධතීන්ට එකඟවන සහ අප පක්ෂය පිහිටුවීමේ දී මූලිකත්වය දුන් සමාජමය අගයන්ට ගරුකරන අපේක්ෂකයකු 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් පොහොට්ටුව ලකුණ යටතේ නාමයෝජනා කොට ඉදිරිපත් කළ යුතු බවට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළින් යෝජනා සම්මත කර ගත යුතු බවට යෝජනා කරමු.’

Post Views: 8
Previous Post

ඔන්ලයින් ණය අරන් ගෙවපු නැති අයට දිගටම නඩු

Next Post

මා සමග සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රනිල් ස්තුති කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස රනිල් ජනපති සටනට

මා සමග සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රනිල් ස්තුති කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved