යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන්ට කිසිදු බාධාවකින් තොරව පොහොර ලබා දීම සඳහා සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවල සහ සති අන්තයේ පවා විවෘතව තැබීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කරන්නේ ගොවි ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පොහොර සැපයුමට බාධා ඇති වීමේ අවදානමක් පැවතීමත්, විවිධ පාර්ශ්වයන් විසින් පොහොර තොග රැස් කිරීමට උත්සාහ කිරීමත් නිසා වී වගාවට අවශ්‍ය අමිශ්‍ර පොහොර රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් පමණක් නිකුත් කිරීමට රජය මීට පෙර තීරණය කර තිබුණා.
මේ වන විටත් අදාළ ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර නිකුත් කිරීමේ කටයුතු සක්‍රීයව සිදු වන අතර, ඒ අනුව යූරියා පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 9,900 ත් 10,200 ත් අතර සහන මිලකට ගොවීන්ට මිලදී ගත හැකි බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.














