පොළොන්නරුවට ඇදහෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ මේ වන විට පිටාර ගලමින් පවතිනවා.
එම නිසා පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) උදෑසන 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.
පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගයේ දිග්ගල ප්‍රදේශයෙන් අඩි එක හමාරක් පමණ ජලයෙන් යට වී ඇති බව පොළොන්නරුව 1ක බාර සහකාර පොලිස් අධිකාරී ප්‍රගති ලක්මිණි මහතා සඳහන් කළා.
නැවත දැනුම් දෙන තුරු වූ මෙම මාර්ගය වසා තබන බවත් මෙම මාර්ගයේ ජලය ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් වැඩි විය හැකි බැවින් ජනතාව දැනුවත්වීම වැදගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














