පෙබරවාරි 05 – පෞද්ගලික බස් කර්මාන්තය තුළ දශක තුනකට වැඩි කාලයක් පැවති බරපතළ ගැටලුවක් නිරාකරණය කරමින්, මගී සේවා බලපත්‍ර නීත්‍යානුකූලව පැවරීමට අවසර ලබාදෙන නව ගැසට් නිවේදනය (2471/68) අද සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. මීට පෙර බලපත්‍ර පැවරීම නීතියෙන් තහනම් කර තිබූ බැවින් බොහෝ බස් හිමියන් අවිධිමත් හා නීතිවිරෝධී ක්‍රමවේද හරහා බලපත්‍ර හුවමාරු කරගෙන තිබූ අතර, නව නීතිමය රාමුව හරහා එම ක්‍රියාවලිය විධිමත් කර ඇත. 1991 අංක 38 දරන ජාතික ප්‍රවාහන කොමිෂන් සභා පනත මගින් බලපත්‍ර පැවරීම තහනම් කර තිබුණද, 2025 අංක 08 දරන සංශෝධිත පනත මගින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම නව ක්‍රමවේදය හරහා උතුරු පළාත ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල බස් හිමියන් මුහුණ දුන් ගැටලු රැසක් විසඳෙනු ඇති බවත්, තරුණ ව්‍යවසායකයන්ට මෙම ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවන බවත්ය. නව රෙගුලාසිවලට අනුව බලපත්‍රය ලබාගන්නා පාර්ශවය පසුගිය මාස 6ක කාලය තුළ රුපියල් මිලියන 2ක මූල්‍ය ශක්තියක් ඇති බව සනාථ කළ යුතු අතර, සියලු ලියකියවිලි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අන්තර්ජාල පද්ධතිය හරහා ඉදිරිපත් කළ යුතුය. මීට අමතරව, ඉදිරියේදී එක් මාර්ගයක් සඳහා බලපත්‍ර 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිකුත් කරන විට, නව බලපත්‍ර සියයට 25ක ප්‍රතිශතයකින් නිකුත් කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













