බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය වූ ෂෙයික් හසීනා, එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් මරණ දඩුවම පනවා තිබෙනවා.
ඒ , පසුගිය වසරේ සිදු වූ ශිෂ්‍ය විරෝධතා දැඩි ලෙස මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ යන චෝදනාවට අනුව ය.
විරෝධතා කාලයේ, වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම හේතුවෙන් ඇය මෙලෙස මරණ දඩුවම ලැබිය.
හසීනා වසර 15ක් පුරා බංග්ලාදේශය පාලනය කළ අතර, 2024 විරෝධතා අතරතුර ගත් දැඩි මර්දන පියවර හේතුවෙන් පුද්ගලයින් 1,400ට අධික පොරුක මරණයට පත් වි තිබෙන බවයි වාර්තාවල සදහන් වන්නේ.














