බටහිර ඉරානයේ පිහිටි උපායමාර්ගික ඉලක්ක වෙත පුළුල් පරාසයක විහිදුණු දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් තහවුරු කර තිබේ. අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම මෙහෙයුම “ඉරාන භීෂණ පාලන තන්ත්‍රයේ යටිතල පහසුකම්” සහ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දියත් කරනු ලබන්නකි.
අද (15) දින මුළුල්ලේ ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර වරුසාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක වන බව විශ්ලේෂකයෝ පවසති. බටහිර ඉරානයේ පිහිටි මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ රේඩාර් පද්ධති මෙහි ප්‍රධාන ඉලක්ක වී ඇති බවට තොරතුරු වාර්තා වේ. සිදුවෙමින් පවතින මෙම යුද මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි පැය කිහිපය තුළ නිකුත් කරන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.














