හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහය වීමට රජය අරඹන ලද අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබෙනවා.
මෙම පරිත්‍යාග මුදල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අග්‍රාමාත්‍යනි ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මියට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී භාර දි තිබෙනවා.
අදාළ අවස්ථාවට අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා, සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වී සිටියා.














