ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා කොන්ත්‍රාත් පදනම මත තනතුරු 7කට නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ. සී. ගජනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කර නියමිත පරිදි විශ්‍රාම ලබා සිටින නිලධාරීන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවයි.
මෙම බඳවා ගැනීම් යටතේ I පෙළ ජේලර්, II පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක යන තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීමට නියමිතය. අයදුම්කරුවන් වයස අවුරුදු 65ට අඩු පුද්ගලයින් විය යුතු අතර ඔවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මීට පෙර සේවය කර යහපත් සේවා වාර්තාවක් සහිතව විශ්‍රාම ලැබූවන් විය යුතුය.
මෙම බඳවා ගැනීම්වලට අදාළ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.prisonsgov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. සුදුසුකම් සපුරාලන උනන්දුවක් දක්වන විශ්‍රාමික නිලධාරීන් වෙබ් අඩවියේ දක්වා ඇති උපදෙස් පරිදි සිය අයදුම්පත් යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.














