ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය. ඒ අනුව සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර භාරයේ පසුවනු ඇත.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ බලපත්‍ර රහිතව අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ලට අදාළව නීතිවිරෝධී ලෙස ඉදිකිරීම් සිදුකිරීමේ චෝදනාව මත මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.
අද දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.














