ත්‍රිකුණාමලය බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් දෙනමක් ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 22 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (20) නියම කළේය.
මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම හිමිවරුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර නියෝග කර තිබුණි. එම නියෝගය නීති විරෝධී බවත්, එය බලරහිත කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.














