2024 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපාකෑම් සංඛ්‍යාව 184,926ක් බව වාර්තා වී තිබේ.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් විසින් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අමාත්‍යවරයා පැවසුවේ වැඩිම සපා කෑම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවය. ඒ අනුව, වසරකට රුපියල් මිලියන 950ක් 1,000ත් අතර මුදලක් වැය කරන බව ද අමාත්‍යවරයා පැහැදිලි කර දුන්නේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජනතාව දැනුම්වත් කිරීමට මෙන්ම ඒ හා අදාළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවය.