මාසික ඉන්දන මිල සංශෝධනයේ දී ඩීසල් මිල පහළ යාමක් සිදු නොවූ නිසා එළැඹෙන බස් ගාස්තු සංශෝධනයක දී බස් ගාස්තු වැඩි වන බව බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ දැනටමත් බස් රථ සදහා රුපියල් තුනක පාඩුවක් ලබමින් ධාවනය කරන බවයි.
ඊට අමතරව රජය විසින් පනවා ඇති නව බදු අනුපාතයන් යටතේ බස් රථවල මිලද ඉහළ ගොස් ඇති බවත් වැට් බදු ද බස් රථ සඳහා එකතු කර ඇති බවත් ඒ අනුවද බස් ගාස්තු වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිදු කළ යුතු ඇති බවත් කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) ඉන්ධන මිලෙහි සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ඩීසල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරා නම් බස් ගාස්තුවේ වාසිය ජනතාවට ලබා දෙන්න තිබුණා. නමුත් දැන් අඩු කරලා තියෙන්නේ පෙට්‍රල්. වගකීමෙන් මම කියන්නේ ජූනි මුල වෙනකොට වාර්ෂික බස් ගාස්තුව එනවා. එම නිසා අඩුවීම කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ජූලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා.”