කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදු වී නොමැති අතර දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබෙනවා.
කෙසේ නමුත් වාහන එක් මන්තීරුවකින් පමණක් ගමන් කිරීම හේතුවෙන් , ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.