ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් රැගෙන ආ බස් රථයක් අද (22) අලුයම ගිනි ගැනීමට ලක්වූ අතර, එයින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවකදී මෙම බස් රථය ගිනි ගැනීමට ලක්වී ඇති බවද, එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කර සිටිනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් පමණ වයසැති, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති අතර, අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.