• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් රථයේ දමා ගිය රුපියල් ලක්ෂ 15ක මුදල් තිබූ මුදල් පසුම්බිය ඇතුළු දෑ අයිතිකරුටම දෙයි

1 November 2024
in දේශීය
බස් රථයේ දමා ගිය රුපියල් ලක්ෂ 15ක මුදල් තිබූ මුදල් පසුම්බිය ඇතුළු දෑ අයිතිකරුටම දෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

බස් රථයකදී නැතිවූ සංචාරක මඟ පෙන්වන්නෙකුට අයත් රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් අඩංගු මුදල් පසුම්බිය ඇතුළු එහි අඩංගුව තිබූ ලිපි ලේඛන කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඔහු වෙත   භාර දුන් උතුම් මිනිසකු වන ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරියකු පිළිබඳ පුවතක්  කහතුඩුව පොලිසියෙන් වාර්තාවේ.

සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස රැකියාව කරන වැලිමඩ අඹගස්දෝව පදිංචි 33 හැවිරිදි  ඩි. එම්.  චින්තක ප්‍රියදර්ශන දිසානායක  ඉකුත් 27 වෙනිදින  බොරලැස්ගමුව  වේරහැර සිය සහෝදරයාගේ නිවසට ගොස් යළි පිළියන්දල කරා පැමිණීම සඳහා කොළඹ සිට හොරණ කරා ධාවනය වෙමින් තිබූ බස් රථයකට වේරහැර ප්‍රදේශයෙන් ගොඩවී තිබිණි.

බස් රථයේ  අසුන්ගත් ඔහු පිළියන්දල කරා පැමිණ  බස් රථයෙන් බැස ගොස් තිබූ අතර මුදල් පසුම්බිය බස් රථයේ අසුන මත අමතකව දමා ගොස් තිබිණි.

පිළියන්දල නගරයෙන් බැස ඒ පිළිබඳ සොයා බැලුවද මුදල් පසුම්බිය සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වෙත ගොස් මුදල් පසුම්බිය තුළ රුපියල් 19000/= මුදලක් , බැංකු 4 කට අයත් රුපියල් ලක්ෂ 15/= ක් පමණ අඩංගු පෙට් කාඩ් 4 , රුපියල් 8000/= ක පෙර ගෙවුම්  කාඩ් පත්  මෙන්ම රියදුරු බලපත්‍රය ඇතුළු තවත් ලිපි ලේඛන රැසක්ද එහි අඩංගුව තිබූ බව සඳහන් කරමින්  පැමිණිල්ලක් ද සිදුකර තිබිණි.

අද (31) කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ඒ එච් කේ ප්‍රියංකර මහතා හමුවට පැමිණ තිබු කහතුඩුව සන්ෆල්වර් ගාඩන්හි පදිංචි විශ්‍රාමික ගුවන් හමුදා බලලත් නිලධාරියා  ඔහු බස් රථයකින් නිවස කරා පැමිණෙන අතරවාරයේදී යාබද අසුන මත මුදල් පසුම්බියක් තිබූ බවත් එය තමන් භාරයට ගත් බවත් එය හිමිකරු සොයා බාර දෙන ලෙසත් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් එය ස්ථානාධිපතිවරයාගේ මේසය  මත තැබුණි.

ඒ අනුව පොලිස් නිලධාරියකු කැඳවූ ස්ථානාධිපතිවරයා මුදල් පසුම්බිය පරික්ෂා කර ඒ තුළ තිබූ දුරකථන අංකයකට ඇමතුමක් ලබාගෙන එය මුදල් පසුම්බියේ  හිමිකරුගේ බව තහවුරු කරගෙන අද (31)  පොලිසිය වෙත ඔහු කැඳවා   විශ්‍රාමික ගුවන් හමුදා බලලත් නිලධාරියා අතින්ම එකී මුදල් පසුම්බිය සංචාරක මඟ පෙන්වන්නා වෙත භාරදීමට කටයුතු සම්පාදනය කළේය .

මිනිසත්කමට නිගා දෙමින්  මුදල් වලට   මිනිසත්කම පාවාදෙන වර්තමානයේ  ගුවන් හමුදා විශ්‍රාමික බලලත් නිලධාරී   උපුල් සෙනවිරත්න මහතා වත්මන්  සමාජයට කදිම ආදර්ශමත්  පණිවිඩයක් ලබා දී ඇති බව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එච් කේ ප්‍රියංකර මහතා පැවසීය.

මෙහිදී  මුදල් පසුම්බියේ හිමිකරු වූ චින්තක ප්‍රියදර්ශන දිසානායක මහතා ගුවන් හමුදාව විශ්‍රාමික බලලත් නිලධාරියාට අනේක වාරයක් එය ස්තූති පූර්වක ප්‍රණාමය පුද කරමින් ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ගැනීමට ද අමතක නොකළේය.

Post Views: 17
Previous Post

’සිඩ්නි පුතා’ට වෙඩි තබා මරා දැමූ යුද හමුදා විශ්‍රාමික කපිතාන් රිමාන්ඩ්

Next Post

පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ

Editor TTV News

Editor TTV News

Next Post
පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ

පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved