බස් රථවලට කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
බස් රථ අනතුරු වැළැක්වීමේ අරමුණින් ඉදිරි මාස දෙක තුළ මෙය සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
ඔහු මේ බව පැවසුවේ ජුනි 05 වන දින පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමින්ය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම නව්‍ය තාක්ෂණය මුලික අදියරේදී බස් රථ 40කට ඒකාබද්ධ කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.
මෙම AI තාක්ෂණය භාවිතයෙන්, රියදුරන්ගේ අවධානය, මාර්ග තත්ත්වයන්, සහ වාහන චලනය පිළිබඳ තත්කාලික දත්ත විශ්ලේෂණය කරමින් බස් රථවල ආරක්ෂාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
එපමණක් නොව, රියදුරන්ට නින්ද යාම, අධික වේගයෙන් ධාවනය, හෝ අනතුරු ඇතිවිය හැකි අනෙකුත් හේතු හඳුනාගෙන ඒවා අවම කිරීමට මෙම තාක්ෂණය උපකාරී වනු ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.