බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරේ.
ඒ අනුව මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ. ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක්, රැකියා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැත.
මෙම තත්ත්වය මත බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිතා කරමින් එරට විශාල ප්‍රමාණයක් සිටින බව තානාපති කාර්යාලය නිරීක්ෂණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගී කොටගෙන බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශ ගත නොවන ලෙස කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.