බ්‍රේකින් නිවුස් ‼️
අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!
ඊයේ දිනයේ (19) වාර්තා වන සිද්ධියක් නිසා රටේ ජනතාව මේ වන විටත් කම්පා වෙමින් සිටිනවා.
ඒ අඹන්පොළ ප්‍රදේශයෙන් සිදු වු දරුණු වල අලි ප්‍රහාරයකට මවක් සහ දියණියක් ගොදුරු වීම හේතුවෙන්.
දරුණු වන අලි ප්‍රහාරයෙන් දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මව බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.
ඇයගේ තත්වයත් බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ
රට තුළ වන අලි-මිනිස් ගැටුම කෙතරම් බරපතල ප්‍රශ්නයක්ද යන්න මෙම ඛේදජනක සිදුවීමෙන් නැවත වතාවක් සිහිපත් කරනවා
අඹන්පොළ වැනි ප්‍රදේශවල ජනතාව දිනපතාම තම ජීවිත අවදානමක තබාගෙන ජීවත් වන්නේ මෙවැනි අනතුරු සිදුවිය හැකි බව දැන දැනමයි.
මෙලෙස අහිංසක ජීවිත බිලිගන්නා වන අලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ යුතුයි.
වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වන මෙම ප්‍රශ්නයට තවමත් නිසි විසඳුමක් නොලැබීම කණගාටුදායක තත්වයක්.