ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ආනයනය කළ බවට එල්ල වන චෝදනා විද්‍යාත්මකව ඔප්පු කරන තෙක් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට රජය සූදානම් නොමැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද ප්‍රකාශ කළේය.
විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් කිසියම් පාරිසරික බලපෑමක් හෝ වෙනත් අහිතකර ප්‍රතිඵලයක් ඇති වී තිබේදැයි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, අදාළ ගල්අඟුරු තොගය නිසා කිසියම් හානියක් සිදුව ඇති බවට සාක්ෂි සහිතව තහවුරු වන තෙක් රජය ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා නොදෙන බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාලක පක්ෂය සහ විපක්ෂය අතර සභා ගර්භය තුළ උණුසුම් වාද විවාද මතු වූ බව ද වාර්තා වේ.














