• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැසිල්ට රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි – දිලිත් ජයවීර

31 March 2024
in දේශීය, පුවත්
බැසිල්ට රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි – දිලිත් ජයවීර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බැරි බවත් මේක රාජපක්ෂලාගේ බුදලයක් නොවන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. ඒ් මහතා මේ බව පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැති පක්ෂ සමුලුව අමතමිනි.

එහිදී දිලිත් ජයවීර මහතා මෙසේ අදහස් පල කලේය “ මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් වෙන්න පුළුවන් හැබැයි අපි කියනවා එතුමාගේ සහෝදරයාට සහ පවුලේ අයට තේරුම් කරලා දෙන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලමකට ගන්න එක මෙතනින් එහාට අවසන් බව. මේක බැසිල් කියන ඇමරිකන්කාරයට සැරින් සැරේ නිවාඩුවට ඇවිල්ලා විහිලුවට නාඩගම් නටලා යන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රටේ පවත්වන්න ඕන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයද, ජනපතිවරණයද කියන එක බැසිල් කියන ඇමරිකන්කාරයට තීරණය කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට අත ගන්න බැසිල් කවුද. ප්‍රසන්න රණතුංග කියනවා මේ පොහොට්ටුවට ජනපතිවරණයට අපේක්ෂකයෙන් නැතිලු. මං අහන්නේ කොයි පොහොට්ටුවටද අපේක්ෂකයෙක් නැතේ. බැසිල්ගේ පොහොට්ටුවටද? ඔව් බැසිල්ගේ පොහොට්ටුවට අපේක්ෂකයෝ නෑ. හැබැයි ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් ඉන්නවා. ඒතමයි මම දිලිත් ජයවීර. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ දේපලක් නෙමෙයි. එක හැදුවේ අපි. මම තමයි පොහොට්ටුව අතින් ඇන්ද මනුස්සය. ”අලුත් රටක්” කියන තේමාව ලිව්වේ මම. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ බැසිල්ටවත් නාමල්ටවත් නෙමෙයි. මිනිස්සු ඡන්දේ දුන්නේ රටට තියන දේශප්‍රේමී බවට, මේ රට විනයක් සහිත රටක් විය යුතුයි කියන විශ්වාසයට. නැතුව පවුලකට නාඩගම් නටන්න නෙමෙයි. අන්න ඒ පොහොට්ටුව අපි. අපි කියන්නේ මව්බිම ජනතා පක්ෂය පමණයි.නැතුව පොහොට්ටුව කියන්නේ එක්කෙනාගේ බුදලයක් නෙමෙයි මේ රටේ අහිංසක මිනිස්සුව තම තමාගේ උවමනා එපාකම් වලට කඩේ යවන්න පුළුවන් කියල රාජපක්ෂලා සහ ඒ පවුලේ හැලි වලන් හෝදන්න බබලන් ඉන්න කට්ටිය හිතනවානම් ඊක ලොකු වරදක්. අපි වහල්ලු නෙමෙයි එක එක්කෙනාගේ පසෙන් යන්න. අපි මේ රට වෙනුවෙන් සෘජුව දෙශපලංඖඅ කරන්න පටන් අරගෙන ඉවරයි. අවුරුදු 70ක ඉතිහාසය අපි වෙනස් කරනවා. අපි ඇවිත් ඉන්නේ එකට. මේ රටේ අහිංසක වතු සේවකයින්ගේ වැටුප දේශපාලන පලිහක් කරගෙන ඔබේ අහිංසක සල්ලි වලින් ජිවත් වෙන්න මේ පක්ෂයේ කාටවත් අවශ්‍යතාවයක් නැහැ. අපි ඇවිත් ඉන්නේ දේශපාලනයෙන් ජීවත්වීමේ පරමාර්ථයෙන් නෙමෙයි. අපි ආවේ ඔබේ ජීවිතය වෙනස් කරන ක්‍රමවේදය අරගෙන. අපෙන් අහනවා කෝ ඔයාලගේ වැඩ පිළිවෙල කෝ ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියල. අපි අපේ වැඩපිළිවෙ නුදුරේදීම එළිදක්වනවා. අපිට කියන්න තියෙනේ අන්න එතකොට නන්නතතරේ කියව කියවා ඇවිදින් අයට ගොඩක් රිදෙයි කියන එක. ඔබ සුදානම් වෙලා ඉන්න අපි ඔබේ ජීවිතය වෙනස් කරන්න සුදානම්. ඒවගේම අපි කිව යුතුයි මේක අවංකභාවය සමඟ කරන සටනක්. දශක ගානක් ඔබව රවට්ටන ලද දේශපාලනය අවසන් කරන සටනක්. ඔබට අද බදුල්ලේදී දෙන සහතිකයනම් අපි ඔබට වගකියනවා. ඔබේ විශ්වාසයට, ඔබේ බලාපොරොත්තුවට අපි වග කියනවා. ඒ පිලිබඳ සහතිකය අද මම මෙහි සිට සිට සිදු කරනවා. අතිශය සුරා කැමකට දුෂණයකට ලක්වෙන පිරිසක් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබේ වැටුප කවුරු හරි රුපියල් 1000ක් කරලා දෙනවා කියලා. අපි කියනවා එක ඔවුන් කරන්නේ නැහැ. ඉදිරියේදී කරන්නෙත් නැහැ. කරනවානම් කියන්න කොහොමද 1000ක වැටුපක් දෙන ක්‍රමය මොකද්ද කියල. අපි කියන්නම් අපගේ ව්‍යවසායකත්ව රාජ්‍ය තුල ඔබට කොහොමද ජිවත් වීමට හැකි අදායමක් ලැබෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ කියලා. ඔබට රුපියල් 1000ක් නම් දෙන්නේ ඔබ එක අරගෙන ජාතික ධනය උත්පාදනය කරන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. නමුත් ඔබට ව්‍යවසයකයෙක් ලෙස සලකන්නට පටන් ගත්තම ඔබ කඩන තේ දල්ලට දෙන ඩොලරයෙන් කොටසක් ඔබේ ශ්‍රම පිරිවැය ලෙස ඔබගේ අතට ලැබෙන්නට පටන් ගන්නවා. එක ඔබට පමණක් නොවෙයි මෙරටේ සියලුම ක්ෂේත්‍රවල ශ්‍රමිකයින්ට හිමිවවා. නැතුව අපි ඔබව නැවත මේ නින්දිත දේශපාලනයේ එදා වේලට කුපන් සහනාධාර, සමුර්දිය, අස්වැසුම කියලා දීලා හිරකාරයෝ, වහල්ලු බවට පත් කරන්නේ නැහැ යැයි දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,552
Previous Post

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

Next Post

උතුරු පළාතේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපිත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර විනාශ විමක් – පරිසර සංවිධාන

උතුරු පළාතේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපිත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved