20 September 2024
#දේශීය #පුවත්

බැසිල් ඇමෙරිකාවට යයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ .

මෙම ගුවන් යානය වෙත පිවිසීම සදහා ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ” රන් මාවත ” ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගෙන තිබුණි .

මෙම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන ආදී නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සිදු කරති .

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇතැයි ද , ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

[අද]

Leave a comment

Your email address will not be published. Required fields are marked *