බිබිල – බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ.
මෙම ත්‍රිවිධ රථ ගැටුමෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. අනතුරින් වාහනවලට දැඩි හානි සිදුව ඇති අතර, එම මාර්ගයේ ගමනාගමනයට ද මින් බාධා එල්ල විය.
අධික වේගය හෝ අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරෙන අතර බිබිල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය පිළිබඳව රෝහල් ආරංචි මාර්ගවලින් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.














