තම බිරිඳට අමානුෂික ලෙස පහර දී, ගසක බැඳ මිරිස් කුඩු ගසා කෲර වද හිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළෙකු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්. සමරසිංහ මහත්මිය අද (20) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි ජී. සංජීව අරුණ ශාන්ත නැමැති නාවික හමුදා සෙබළෙකි.
පොලිස් වාර්තාවලට අනුව, සැකකරු විසින් තම බිරිඳ ගසක බැඳ ඇගේ ශරීරයට මිරිස් කුඩු ගසා ඇති අතර, අනතුරුව පොල් මලක් භාවිතා කරමින් අස්වාභාවික බරපතල ලිංගික ක්‍රියාවක් සිදු කරමින් අතිශය කෲර වද හිංසා පමුණුවා තිබේ.
පීඩාවට පත් බිරිඳ මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඇය සම්බන්ධයෙන් පවත්වා ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පරසන්ගස්වැව පොලිසියට නියෝග කළාය. එමෙන්ම මෙම බරපතල අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද එදිනටම ඉදිරිපත් කිරීමට නියම විය.
පරසන්ගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. අනවර්දීන් මහතාගේ උපදෙස් මත සැරයන් විජේගුණවර්ධන (7520) විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කරන ලදී.














