පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුව තිබෙන්නේ බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී
එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.