ත්‍රිකුණාමලය නගරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසගේ ඇප අයදුම්පත පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (11) පස්වරු 3.00 දක්වා කල් තැබීමට ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මහතා නියම කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා කරුණු දක්වමින්, මෙම සිද්ධිය සුවිශේෂී නඩුවක් ලෙස සැලකිය නොහැකි බැවින් ඇප ලබාදීමට විරෝධය පළ කළේය. කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අවධාරණය කළේ අදාළ චෝදනා සියල්ල ඇප ලබාදිය හැකි මට්ටමේ පවතින බවයි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අවසන් තීරණය පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














