ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සේවය කරන 35 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අද (05) රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාර අධිකාරිවරයා විසින් අද පෙරවරුවේ පවත්වන ලද සේවක පෙරෙට්ටුවකදී ඇති වූ සැකයක් මත විශේෂ අංශයේ නියාමකවරුන් තිදෙනෙකු පරික්ෂා කර ඇති අතර, එහිදී මෙම නියාමකවරයා සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අදාළ නියාමකවරයා සඟවාගෙන සිටි හෙරොයින් ප්‍රමාණය පරීක්ෂාවට පෙර බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසල බිම දමා පැමිණ ඇති බවයි. එහි තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 180ක් සොයාගෙන ඇති අතර, එම සාම්පල රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් රත්ගම පොලිසිය පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හක්මන බටහිර, ඇල්ලවෙල පදිංචිකරුවෙකු වන අතර රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.














