ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති පීඩන අවපාතය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම තොරතුරු නිකුත් කර තිබේ.
පොතුවිල් සිට කිලෝමීටර් 570 ක් ගිනිකොණ දෙසින් (අක්ෂාංශ 5.0°N සහ දේශාංශ 86.8°E)මෙය ඇති වන අතර බටහිරට බරව වයඹ දෙසට ගමන් කරයි. ඉදිරි පැය 36 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වනු ඇතැයි සැලකේ.
ඉදිරි පැය 12 ඇතුළත මෙම පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතී
හෙට (08) දින සිට දිවයිනේ වර්ෂාපතනය ඉහළ යනු ඇති අතර වැඩිම බලපෑමක් ඇති වන ප්‍රදේශ ලෙස උතුරු පළාත, උතුරු-මැද පළාත, නැගෙනහිර පළාත, ඌව පළාත, මධ්‍යම පළාත














