• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෙහත් ගන්න සල්ලි නැතිව ජීවිතයෙන් සමුගත් පියාගේ දරු පස් දෙනා කුසගින්නේ

31 October 2024
in දේශීය
බෙහත් ගන්න සල්ලි නැතිව ජීවිතයෙන් සමුගත් පියාගේ දරු පස් දෙනා කුසගින්නේ
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

බලපිටිය කොස්ගොඩ පදිංචිව සිටි මනෝජ් ප්‍රියන්ත අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට නොමැතිව රෝගය උත්සන්නවී ජීවිතයෙන් සමුගත්තේ දරුවන් පස් දෙනා සහ භාර්‍යාවට ද ජීවත්වීමට විදිහක් නොමැතිව ඒ මගමයාමට ඉඩහසර විවර කරමිනි.

පවුලේ ආර්ථිකය එහේම පිටින්ම කඩාවැටීයාමෙන් පසු අද මේ පස් දෙනා ගෙවන ජීවිතය ගෙන යාමට දරනුයේ අපමන වෙහසකි.

පාසල් යන වයසේ දරුවන් සිව් දෙනෙක් හා අවුරුදු එකහමාරක දරුවෙක් ජීවත්කරවීමට බෙහෙත් නොමැතිව ජීවිතයෙන් සමුගත් මනෝජ් ප්‍රියන්තගේ භාර්‍යාව වන සුජීවනී ද සොයිසා ගන්නා වෙහෙස දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

පාසල් යන මේ සිව් දරුවන් පාසල් යැවීම කෙසේවෙතත් ඔවුනගේ බඩකට තුන් වේල පිරිමසා ගැනීමට අද ඇයට නොහැකිවී ඇත්තේ මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්කය.

තවද මේ දරුවන් ජීවත් කිරීමට සුජීවනීට කුලියක් මලියක් සොයා ගැනීමටවත් යාමට නොහැක්කේ තවමත් කිරි බොන වයසේ සිටින අවුරුදු එකහමාරේ දරුවා නිසාය.මේ දරුවා සමහර දිනවලදී මව් කිරි බීමට ගොස් මර ලතෝනි දෙන්නේ කිරි එරීමට තරම්වත් ආහාරයක් තමා නොගන්නා නිසා බව සුජීවනී අප සමග කීවේ දෙනෙතේ ගැලූ කදුලු දෙඅත්ලෙන් පිස දමමිනි.

“අනේ මගේ මහත්තයට බෙහෙත් ගන්න සල්ලි තිබුනනම් අවුරුදු තිස්නවයක් වගේ අඩු වයසින් ජීවිතයෙන් සමුගන්න වෙන්නේ නැහැ.ඔහු අවසන් දවස්වල මගෙන් කන්න ඉල්ලුවා.මම කොහෙන්ද දෙවියනේ සැමියට කන්න දෙන්න දේවල් දෙන්නේ” යයි කියනාවිට සුජීවනීගේ දෙනෙත්න් ගැලූ කදුලු ගංගාවකට සමානය.එහිදී ඇය ඒ තරම්ම සංවේදී වූවාය.

“මගේ මේ දරු පැටව් පස් දෙනා අනන්තවත් බඩ ගින්නේ ඉදලා තියෙනවා.පොඩි දරුවා සමහර දවස්වලට කිරි ඉල්ලා අඩනවා.මට මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ මහත්තයෝ” යයි සුජීවනී කෑමොර දුන්නේ හිතේ තිබූ වේදනාවටය.

ඇත්තටම අද තියෙන ආර්ථික තත්ත්වය හමුවේ හය දෙනෙකු ඉන්නා පවුලක් යාන්තමින් හරි දිවි ගැට ගසා ගැනීමට නම් අඩුම තරමින් වත් එම පවුලේ තිදෙනෙක්වත් රැකියාවන්වල නිරතවිය යුතු බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ.පොඩි දරුවන් පස් දෙනෙක් ඉන්නා පවුලක් මේ තත්ත්වය යටතේ ජීවත් කිරීමට නම් කොතරම් මුදල් කන්දරාවක් අවශ්‍ය දැයි කීමට අටුවා ටිකා තිප්පනි අවශය නොවේ.

සිය සැමියා මිය යාමෙන් පසු සුජීවනීලාට කුලී ගෙවා ගැනීමට නොහැකිව දැන් සිය වියපත් දෙමාපියන් ජීවත් වන බලපිටියේ රජ්ජවත්ත පාතේගම කුලී කාමරයට පැමිණ සිටිති.මේ සිව් දෙනා ඉන්නා කුලී කාමරය ඔවුන්ට හැරෙන්නවත් ඉඩ මදිය.සය දෙනාම නිදා ගන්නේ කන්න බොන්නේ මේ කාමරයේය.

අගහිගකම් තිබුනත් එක දරුවෙක්වත් විකුණා ජීවත්වීමට තමා අපේක්ෂා නොකරන බවත් එකට මැරුණත් දරුවන් නම් කාටවත්ම නොදෙන බවද සුජීවනී අප සමග කීවාය.

දරුවන් පස් දෙනෙක් සමග ඔවුනගේ බඩ කට පිරවීමට ඔවුන් පස් දෙනාගෙන් සිව් දෙනෙක් පාසල් යැවීමට රැකියාවක් නොකරන සුජීවනීට ඇති නොහැකියාව ගැන අමුතුවෙන් කිවයුතු නම් නොවේ.තව දුරටත් මේ හය දෙනාම මේ තත්ත්වයේ සිටිය හොත් මේ දරුවන් පස් දෙනාටම සිදුවනුයේ සිය පියා මෙන් නොඑන ගමන් යාමටය.ඒ කුස ගින්නේය.

අප රටේ තවමත් අනුන්ගේ දුක දැක හදවත් උණුවන ඕනෑ තරම් දනන් සිටිති.ඒ අයගේ කාරුණික අවධානය මේ අහිංසකයන්ට යොමු වේනම් ඔවුන් ජීවත් කරවීම අපහසු නොවේ.පාසල් යන දරුවන් සිව් දෙනා පාසල් යැවීමද ඒ තරම්ම අරුමයක් නොවේ.එයින් ලැබෙනා පිං කන්දරාවනම් මිල කල නොහැකිය.මේ එම පිංලබා ගැනීමට කැමති අයෙක් හෝ ආයතනයක් වේනම් සුජීවනීලාට සහන් එළියක් වීමට ඇයගේ 0742974062 ජංගම දුරකතනයට කතා කොට හෝ ඇය නමින්(එච්.එස්.ද සොයිසා) අහුන්ගල්ල ලංකා බැංකුවේ 88734631 ගිණුම් අංකයට මුදල් බැර කල හැකිය.

සුජීවනීලා ගෙවන මේ දිවිය ගැන අප බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් විමසූවිට එහි ප්‍රකාශකයකු කීවේ මේ සම්බන්ධයෙන් සොයා බලා රජය පැත්තෙන් කල හැකි දෙයක් නොපමාව කරන බවය.

Post Views: 32
Previous Post

රුසියාව – ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්

Next Post

ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved