ලිවීම සඳහා බොහෝ පුද්ගලයින් යතුරුපුවරු භාවිත කරන යුගයක, අත්අකුරු යනු වද විය යුතු කාරණයක් ද?
ඔව්, ලියන්නා වෛද්‍යවරයෙකු නම්, ඉන්දීය අධිකරණ එසේ විය යුතු බව පවසයි.
පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය, රෝගීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා, වෛද්‍යවරුන් පැහැදිලිව සහ විශාල අකුරින් බෙහෙත් ලිවිය යුතු බව හෝ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට මාරු විය යුතු බව නියෝග කර තිබෙනවා.
මෙය සිදුකරන ලෙසට තීරණය වූයේ, විනිසුරුවරයෙකුට ඉදිරිපත් කළ වාර්තාවක වෛද්‍ය ලියා තිබූ බෙහෙත් නියමයන් කිසිසේත් කියවීමට නොහැකිවීම හේතුවෙන්.
රෝගීන්ගේ ආරක්ෂාව මූලික කර ගනිමින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
අධිකරණය තවදුරටත් නිර්දේශ කරන්නේ, වෛද්‍ය විද්‍යාල පාඨමාලාවට පැහැදිලි අත්අකුරු පුහුණුව ඇතුළත් කිරීම සහ වසර දෙකක් ඇතුළත ඩිජිටල් බෙහෙත්පත් අනිවාර්ය කිරීමයි.
ඉන්දීය වෛද්‍ය සංගමය මෙම නියෝගයට සහාය දක්වමින්, නාගරික ප්‍රදේශවල බොහෝ වෛද්‍යවරු දැනටමත් ඩිජිටල් උපකරණ භාවිත කරන නමුත්, ග්‍රාමීය ප්‍රදේශවල තවමත් අතින් ලියන බෙහෙත්පත් භාවිතය වැඩිව තිබෙන බව සඳහන් කළා.
සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කළේ, වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරුන්ගේ නොපැහැදිලි අත්අකුරු හේතුවෙන් ඖෂධ දෝෂ සිදුවී, බරපතල ප්‍රතිවිපාක ඇතිවී ඇති බවයි.