සෞඛ්‍ය සේවාව ආරක්ෂා සහිතව පවත්වාගෙන යෑම රජයේ වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පවසනවා.
රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීම මෙන්ම අවශ්‍ය ඖෂධ සැපයීම පවතින රාජ්‍යයේ වගකීමක් බවත් ඖෂධ පිටතින් මිලදී ගැනීමට නිකුත් කරන ලද චක්‍රලේඛයේ ගැටලු රැසක් පවතින බවත් ඔහු පවසා සිටියා.
ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 22 දා කැඳවා තිබූ මාධ්‍ය හමුවක දීයි.