ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ලෙස ඉදිකිරීමට නියමිතය. මෙහි ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතුවලින් 90%ක් පමණ දැනටමත් අවසන්ව පවතින අතර, ව්‍යාපෘතිය නිමවීමෙන් පසු කොළඹ-හොරණ මාර්ගයේ රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














