රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් හෑෂ් (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි 31 හැවිරිදි කාන්තාවක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිදුකළ වැටලීමකදීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය සම්බන්ධයෙන් සහ මෙම මත්ද්‍රව්‍ය ජාලයේ පසුබිම පිළිබඳව පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














