බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනය සඳහා බාධාවක් ඇතිව තිබෙනව බව වාර්තා වනවා.
මේ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය සදහන් කර සිටිනවා.
ඒ අනුව විකල්ප මාර්ග ලෙස මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල් ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසෙන ලෙසත් රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැකි බවත් පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සදහන්.
එමෙන්ම කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස් සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජවර්ධනපුර මාර්ගයට පිවිසෙන ලෙසත් සදහන් කර තිබෙනවා.