ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (14) අනෙක් පසට හැරවීම සිදු කර තිබෙනවා.
වනජීවී නිලධාරීන්ගේ ගම්වාසීන්ගේ සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ දැඩි ප්‍රරිශ්‍රමය මත භාතියව එසවීම සාර්ථකව සිදුකල බවයි වාර්තා වන්නේ.
මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් වලට අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වන ජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබුණා.
කෙසේ වෙතත් රෝගාතුර හස්තියා පිලිබඳ පශු වෛද්‍යවරුන් පැවසුවේ භාතියගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බවයි.