මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම හදිසියේ කඩාවැටී තිබේ.
ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසා සිටින අතර පාලම කඩා වැටෙන අවස්ථාවේ දී කිසිවක් ඒ මත නොසිට ඇති බවද පොලිසිය පවසයි.
ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී ඊට මඳ වේලාවකට පසු පාලම කඩාවැටී තිබේ.
මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව මේ වනවිට අවහිර වී ඇති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවේ.
කෙසේ වෙතත් හෙට (27) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයෙන් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.