පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ඊයේ (02) දින ඉන්දුනීසියානු බාලි දූපත අසල දී ගිලී යාමෙ පුවතක් විදෙස් මාධ්‍ය වල සදහන් වෙනවා.
සිද්ධියෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී තිබෙන බවයි එම වාර්තාවල සදහන්ව තිබෙන්නේ.
තවද,23 දෙනෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇති බවත් වාර්තා වනවා.
නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇති අතර ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු යි නෞකාව පෙරළි ගොස් තිබෙන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම මගී ප්‍රවාහන නෞකාවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර, එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළු වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වනවා.
ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව, නෞකාව පුද්ගලයින් 67 දෙනෙකු සහ වාහන 25 ක් රැගෙන යා හැකි බවට ශ්‍රේණිගත කර තිබුණා.
අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින නමුත් දැඩි ධාරා සහ සුළං හේතුවෙන් එය අඩාල වී ඇති බව ජාතික ගලවා ගැනීමේ නිලධාරින් පවසනවා.
එම ස්ථානයට හෙලිකොප්ටරයක් සහ දිය යට ගලවා ගැනීමේ භටයින් 13 දෙනෙකු යොදවා ඇති බවයි ඔවුන් පවසන්නේ.
මගීන් සියලු දෙනාම ඉන්දුනීසියානු ජාතිකයන් බව එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ