හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනිමත් සමග විධායකයේ යම් පිපිරිමක් සිදු බවත් මෙතැන් පටන් එන සියලු ජනාධිපතිවරුන්ට මෙවැනි දේ නැවත නැවත සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
යු ටියුබ් නාලිකාවක් හා සම්බන්ද වෙමින් ඇය පැවසුවේ මෙලෙසය.
එතුමන් හරියට අධ්‍යාපනය ගැන කතා කරපු කෙනෙක්. හැමෝටම ඉගනගන්න උපදෙස් දෙන කෙනෙක්. අදාල වයසෙදි අදාල දේ කරන්න කියල නිතරම කියන කෙනෙක්. මටත් නිරන්තරයෙන් ඉගෙන ගන්න කසාද බැදල ලමයි හැදුනම ලමයින්ගෙ හෝම්වර්ක් ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙන්නැ කියල කියලා තියෙනවා. ඇත්තටම එයා ඇගට නොදැනි විහිලු තහලු කරන කෙනෙක්. විහිලුවෙන් උනත් කියන ගොඩක් දේවල් දේවල් ඇත්ත
ඒවගේම එතුමන්ගෙ හැමදේම තියෙන්නේ හිතේ. මොකක් හරි ප්ලැනක් තියෙනව නම් එයා ඒක හිතේ තියාගන ඉන්නව අවශ්‍ය දෙතුන් දෙනා එක්ක විතරයි එයා කතා කරන්නෙ. ඒයාගෙයි මහින්දගෙයි ලොකු වෙනසක් තියෙනවා. දවසක් මට බජට් එකට වෝට් කරන්න යන්න වුණා.
ඒ කාලෙ මගෙ බබාට මම කිරි දෙනවා. මට වෝට් කරන්න කතා කරාම මගෙ නොහැකියාව ගැන මම එතුමන්ට කිව්ව. නමුත් එයා මගේ බබාට කිරි දෙන්න සුදුසු වාතාවරණයක් එතන මට හදල දුන්නා. ලමයවත් අරගෙන මම වෝට් කරල එද්දි මට එතුමන්ව මුණ ගැසුනා. ඇත්තමයි එතුමා මගෙ ලමයාගෙ මුණ දිහාවත් නොබල ”ආ මෙයත් ආවද වෝට් කරන්න” කිව්ව. ටිකක් විතර හිනා වෙලා.
ඉට ටිකක් වෙලාවකින් මහින්ද රාජපක්ෂ මහත්තයාව මුණ ගැසුන එයා ලමයව වඩාගෙන හුරතල් කරල මා එක්කත් ගොඩක් වෙලා කතා කරා.
රනිල් වික්‍රමසිංහ මහත්තය කතා නොකරට එතනට අවශ්‍ය සියලු පහසුකම් මට හදල දුන්නා. හැගිම්බර වෙලා මගේ දරුවව නොබලා හිටියට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරා. ඒ දෙන්නගෙ ලොකු වෙනසක් තියෙනවා. එක එක මිනිස්සුන්ගෙ ස්වභාවය එක එක විදිහයි. මහින්ද මහත්තය චුටි ලමයි දැක්කම හැගිම්බර වෙනවා. එයාගෙ පුද්ගල සම්බන්ධතා හොදට තිබුණා. නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නෙ පුද්ගල සම්බන්දතා උපතින්ම ගෙනාවෙ නැති කෙනෙක්. එයාට කවුරුවත් වැඩක් නැ. ඇත්තටම හිනා වෙලා කතා කරන්නෙ නෝනත් එක්ක විතරයි. ඒ දෙන්න ඉන්නෙ හොදම යාලුවො දෙන්නෙක් වගේ.
හිනා නොවුනට කතා බහ නොකරට ඔහු මේ රටට කරපු සේවය අමතක කරන්න බැහැ. ජනතාව අතපත නොගෑවට රටක් වැටුණු වෙලාවෙ රට භාර අරගෙන මේ තරමින් හෝ දියුණු කරේ එතුමා. ජනතාව වෙනුවෙන් අසිරු තිරණ හරි අරගෙන වැඩ කරා.
මම කැගහැහුවේ අරගලය කාලෙ 59 කින් ඇවිත් පත්වුණු ඒක වැරදියි කියලා. නමුත් මේ අමාරුම අවුරුදු දෙක ඇද්දෙ එතුමන්. එතුමා භාණ්ඩාගාරේ ඉතුරු කරපු සල්ලි ටිකෙන් තමයි මේ ආණ්ඩුව තාම දුවන්නේ.
භාණ්ඩාගාරේ ඉතුරු කරපු සල්ලි ටිකෙන් තමයි මේ ආණ්ඩුව තාම දුවන්නේ
හැඟීම්බර සානුකම්පිත හැගිම් දැනෙන්නැති මිනිහෙක් වෙන්න පුලුවන් නමුත් පුලුවන් විදිහට මේ රටේ දේවල් වලට මූලිකත්වය අරගෙන වැඩ කරා.
රදල නිසාද මෙච්චර උඩින් ඉන්නෙ ?
ගොඩක් අය කියනව එතුමන් හැගිම්බර නැ බිම් මට්ටමේ මිනිස්සු ගැන හිතන්නැ කියල ඇත්තමට එතුමා දේවල් පෙන්නන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මේ රටේ පිඩිත පන්ති වෙනුවෙන් ඒ අයගේ සුබ සාධන වැඩ කරේ රදලයි කියන අය තමයි. මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් සියලු තීන්දු තීරණ ගත්තනම් ගත්තෙ රදලයො තමයි. මෙතන ක්ලාස් ප්‍රශ්නයක් ඔහුට නැ. නමුත් එතුමන්ගෙ හැසිරිම ඒ තැනට පත් කරනවා.
රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගත්ත සිද්ධියත් එක්කම විධායකය ඇතුළේ විශාල පිපිරිමක් ඇති උනා. ඉදිරියට පත්වෙන ජනාධිපතිවරුන්ට තමුන්ගෙ වැඩ කරද්දි කොයි වෙලාවෙ අරන් යන්න වෙයිද දන්නැති නිසා බයෙන් ඉන්නත් පුලුවන්. රජයේ සේවකයන්ටත් ඒක පොදුයි. අනුර කුමාර ජනාධිපතිතුමත් ජර්මනියට යන එක පෞද්ගලික සංචාරයක් කියල තිබුණා. ඒ දේවල් උනත් ඉස්සරහට මේ විදිහටම වෙන්න පුලුවන්.
එතුමන්ට අත්අඩංගුවට ගත්ත වෙලාවෙ අමුතු හැගීමක් ඇති වුණා. මහින්ද රාජපක්ෂව අත්තඩංගුවට ගත්තත් මට ඒ හැගිම දැනෙන්න පුලුවන්. හේතුව ඔවුන් රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු.
පෞද්ගලික වෛරය පැත්තකට දාන්න වෙනවා. රටට කරපු දේවල් තියෙන නිසා.
Podcast Center යු ටියුබ් නාලිකාව ඇසුරින් තොරතුරු ලබා ගන්නා ලදී