ගංවතුරට හසුවී මන්ත්‍රී අර්චුනාගේ ජංගම දුරකථන දෙකම අහිමි ව ගොස් තිබෙනවා .
පසුගිය නොවැම්බර් 27 වැනිදා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මන්නාරම ප්‍රදේශයේදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය ගංවතුරට හසුවී කුඹුරකට ගසාගෙන ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී හමුදා සෙබළුන්ගේ මැදිහත්වීමෙන් තමා දිවි බේරාගත් බවත්, තමන් සතු වූ දුරකථන දෙකම එහිදී දිය පහරට හසුවී ගසාගෙන ගිය බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියා.
සිය දුරකථන දෙකම අහිමි වීම නිසා ඒ සමඟ තිබූ දුරකථන අංක ඇතුළත් නාමාවලිය (Contacts) සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් ඇති බවයි මන්ත්‍රී අර්චුනා පැවසුවෙ.
මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මන්ත්‍රීවරයා පවසනවා.
රාමනාදන් අර්චුනා මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට තමා නව දුරකථනයක් ලබාගෙන ඇති බවත්, අහිමි වූ සම්බන්ධතා යළි ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිටින බවය.














