මන්නාරම මඩු රක්ෂිතය තුළ රෝගාතුරව වැටී සිටි වන අලි හයදෙනාගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව මඩු පොලිසිය ඊයේ (09) තහවුරු කළේය. වනජීවී නිලධාරීන් විසින් රෝගීව සිටි අලි පිරිසට දැඩි උත්සාහයකින් යුතුව ප්‍රතිකාර ලබා දුන්නද, ඉන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වූ බව මඩු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.
මෙම වන අලි මරණ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සහ මඩු පොලිසිය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අලින්ට කිසියම් විසක් ශරීරගත වී ඇති බවට පොලිසිය සැක පළ කරයි. මියගිය අලින්ගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මරණයට නිශ්චිත හේතුව හඳුනා ගැනීමට නියමිත අතර, රක්ෂිතයේ සිටින අනෙක් රෝගී අලින් බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් අඛණ්ඩව කටයුතු කරමින් සිටී.














