ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මෙහෙයවීමෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරිය 2025 ජනවාරි 01 සිට පුළුල් කොට තිබේ. යුද හමුදාපතිවරයා විසින් ඒ පිළිබඳව සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත.
2024 වසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාව ,විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය සිදුකළ විශේෂ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 370කදී පුද්ගලයින් 451 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම් සිදුකොට ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මතය.අදාළ වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 3570ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1040 ක් අයිස් කිලෝග්‍රෑම් 11ක් හෙරොයින් කිලෝ ග්‍රෑම්61ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟින් සැකකරුවන් 451 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී ඇත.
2024! වසර තුළ සිදුකළ වැටලීම්වලදී නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් 850 කට ආසන්න ප්‍රමාණයක් සහ ගෝඩා ලීටර 15000කට ආසන්න ප්‍රමාණයක් ද , විදේශීය මත්පැත් බෝතල් 68ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී ඇත.මීට අමතරව නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 7340කට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී ඇත.
එසේම ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සම සිදුකළ වැටලීම්වලදී කොටහේන, මාලිගාවත්ත, කොල්ලුපිටිය, මීගමුව සහ වේල්ලවීදිය යන ප්‍රදේශවලදී නීතිවිරෝධී දුම්වැටි 170,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. එසේම යාල රක්ෂිතය, උඩවලව ප්‍රදේශවලදී ගංජා කිලෝග්‍රෑම් 3459කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා පැල 440,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර ඇත.