මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය විසින් අද (19) නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සැකපිට 41 හැවිරිදි පෞද්ගලික මගී බස් රථ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුගන්නාව – මහනුවර මාර්ගයේ ධාවනය වන බස් රථයක රියදුරෙකු වන මොහු, අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට විද්‍යාත්මකව තහවුරු වී ඇත. මීට අමතරව එම මෙහෙයුමේදීම මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
මගී ජීවිත අනතුරේ හෙළමින් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළ සැකකරුවන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන් හේතුවෙන් සිදුවන රිය අනතුරු අවම කිරීම සඳහා මෙවැනි ක්ෂණික පරීක්ෂණ ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.














