“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 878 දෙනෙකු ඊයේ (08) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම යටතේ ජාතික ජන බලවේග රජය විසින් මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කර ඇති වැඩසටහනට සමගාමීව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ළඟ තබාගන්නන් ද සිටින අතර ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදු කරනු ලබයි.
















