රුපියල් ලක්ෂ 40 අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි රෙදි පිළි ව්‍යාපාරිකයෙක් පිටකොටුව කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
සැකකරු සමග මත්කරල් 20448 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පිටකොටුව පොලිසියට අනුයුක්ත බුද්ධි නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී රෙදි පිළි ව්‍යාපාරිකයාට අයත් ගබඩාවක රහසිගතව සඟවා තිබූ මෙම මත්කරල් තොගය සොයාගැනීමට හැකි වී ඇත.
සැකකරු මෙම මත්කරල් තොගය වර්ෂ අවසානයේ සිදුකෙරෙන සැණකෙළි වලට සහ කොළඹ අවට තිබෙන සමාජ ශාලාවලට තොග වශයෙන් මත්ද්‍රව්‍ය සපයන්නට අලෙවි කිරීම සඳහා සඟවා තබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු වත්තල හුණුපිටියේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.